“ලෝක රෝගී සුරක්ෂිතතා දිනය’’ වෙනුවෙන් පැවැත් වූ විශේෂ සැමරුම් උත්සවය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් කොළඔ ගෝල්ෆේස් හෝටලයේ දී පසුගිය දා පැවැත්විණි.
වාර්ෂිකව විවිධ කාලීන මාතෘකා යටතේ මෙම දිනය සමරනු ලබන අතර 2025 වර්ෂයේ තේමාව වනුයේ “සෑම අළුත උපන් බිලින්දකුම සහ සෑම දරුවකුම වෙනුවෙන් සුරක්ෂිත සෞඛ්ය සේවාවක් ලබාදීමයි ’’ යන්නය.
මෙම සැමරුම් උත්සවයේ ප්රධාන දේශනය ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ මහාචාර්ය ඉෂානි රොඩ්රිගෝ මහත්මිය විසින් පවත්වනු ලැබීය.
සෞඛ්ය සේවා ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ තත්ත්ව කාර්ය සාධන ඇගයීමේ (QPET) වෙබ් පිටුව මෙන් ම සෞඛ්ය සේවා ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සදහා සම්පාදිත ග්රන්ථය එළිදැක්වීම ද මෙහි දී සිදුවිය.
එමෙන්ම රෝගී සත්කාර සේවාවන් වෙනුවෙන් විවිධ ව්යාපෘතී ක්රියාත්මක කරමින් රෝගී ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, සුරක්ෂිත රෝගී සත්කාර සේවාවක් ලබා දීමට කටයුතු කිරිම වෙනුවෙන් කාසල් වීදියේ කාන්තා ශික්ෂණ රෝහල සහ මන්නාරම දිස්ත්රික් මහ රෝහල මෙහි දී අමාත්යවරයාගේ සුරතින් රන් සම්මානයෙන් පිදුම් ලැබීය.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ සුරක්ෂිත රෝගී ප්රතිකාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණින් 2019 වර්ෂයේ දී ලෝක සෞඛ්ය සංවිධානය විසින් රෝගී සුරක්ෂිතතා දිනය නම්කළ බවයි.
මෙවර තේමාව අතිශය කාලීන හා අර්ථවත් තේමාවක්වන බව පැවසු අමාත්යවරයා, දරුවන්ගේ ඉතා වටිනා ජීවිත ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් බවත්, මෙරට ළදරු මරණ අනුපාතිකය ඉතා අවම මට්ටමක පවත්වාගෙන යාමට මෙන්ම මෙරට ක්රියාත්මක නිදහස් සෞඛ්ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට මෙරට සියලු සෞඛ්ය වෘත්තිකයන් තම දායකත්වය, කැපවීම නිබඳව ලබා දීමට කටයුතු කර තිබෙන බව ද පැවසීය.
සෞඛ්ය අමාත්යාංශය මෙරට ජනතාවගේ සෞඛ්ය ආරක්ෂාව මෙන් ම රෝගී ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව ද අමාත්යවරයා මෙහි දී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්යවරයා, සෑම මවකටම, අලුත උපන් බිළිදකුටම, දරුවකුටම සෞඛ්ය ආරක්ෂිත පරිසරයක් සහතික කිරීමටත්, සෞඛ්ය සේවාවන් ප්රශස්ථ අයුරින් වැඩිදියුණු කිරිමටත්, සියලු සෞඛ්ය වෘත්තිකයන් සදහා අඛණ්ඩ පුහුණු වැඩසටහන්, කුසලතා සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සදහා අවශ්යවන සහය, මගපෙන්වීම සෘජුව ලබා දීමටත් කටයුතු කරන බව ද සඳහන් කර සිටියේ ය.
එමෙන්ම ගුණාත්මක, විධිමත් ළමා ප්රතිකාර සේවාවක් සඳහා සෞඛ්ය කාර්ය මණ්ඩල වලට අවශ්යවන නවීන තාක්ෂණ, භෞතික හා මානව සම්පත් අඛණ්ඩව ලබා දෙමින් වර්තමානයේ ක්රියාත්මක ප්රතිකාර සේවාවන් තව තවත් කාර්යක්ෂමව, පුළුල්ව, ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්ය සහාය ලබා දෙන බව ද අමාත්යවරයා අවධාරණය කළේය.
ප්රාථමික සෞඛ්ය සේවාවන් ශක්තිමත් කිරීමට වත්මන් රජය ගෙනයනු ලබන විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙරට දුෂ්කර ප්රදේශවල මාතෘ හා ළමා සෞඛ්ය සේවාවන් තවතවත් ශක්තිමත් කරමින් ග්රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබා දීමට අවශ්ය ඉදිරි පියවරයන් ද ගන්නා බව අමාත්යවරයා වැඩිදුරටත් පැවසී ය.
වසර ගණනක සිට මෙරට සෞඛ්ය සේවාවේ අනාගත ප්රගමනය වෙනුවෙන් ලෝක සෞඛ්ය සංවිධානය ලබාදෙන තාක්ෂණික දැනුම, විශේෂඥ දැනුම තුළින් විශිෂ්ට සෞඛ්ය සේවාවක් මෙරට තුළ පවත්වා ගෙන යාමට හැකිවී තිබෙන බව මෙහි දී පෙන්වා දුන් අමාත්යවරයා ඒ වෙනුවෙන් කැපවුණු සියලු දෙනාට සිය කෘතවේදීත්වය ද අමාත්යවරයා මෙහි දී පළ කර සිටියේ ය.
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය සැමරීම ලෝක සෞඛ්ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේ දී ගත් තීරණයකට අනූව ක්රියාත්මක වේ. ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්රමුඛතාවක් ලෙස සලකමින් ලෝක සෞඛ්ය සංවිධානයේ සමාජික රටවල් 194 ක් එම දිනය සමරනු ලබයි .