මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මෙරට ඛණිජ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරන බවක් නිරීක්ෂණය වී ඇති බවත් එවැනි අසත්‍ය පුවත්වලට නොවරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.
ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර ඇති බවත් එවැනි තෙල් හිඟයක් ඇති නොවන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.