ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් අද (17) පාර්ලිමේන්තුවේදී රැස්විය.
නීති විරෝධී ධීවර කටයුතු නැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධ ගැටලු ආදී ආරක්ෂක අමාත්යාංශයට අදාළ වන විවිධ ගැටලු මෙහිදී පාර්ලිමේන්තු මන්ත්රීවරයන් විසින් කාරක සභාවේ අවධානයට යොමුකළහ. මේ අනුව සාධාරණ ඉල්ලීම් පිළිබඳව සලකා බලා අදාළ පියවර ගැනීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්ය උපදෙස් ලබා දීම මෙහිදී සිදුවිය.
ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරාල් (විශ්රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික), ත්රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අමාත්යාංශය නියෝජනය කරන නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.