Sunday, August 10, 2025
Follow Us
පිල්ලයාන්ට පාර්ලිමේන්තු යන්න අධිකරණයෙන් අවසර

මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාට නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගිවීමට මඩකළපුව මහාධිකරණය අද (18) අවසර ලබාදී තිබේ.

ඒ, මඩකලපුවේ මහාධිකරණ විනිසුරු එස් සුසයිදාසන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට ලබන වැනිදා ආරම්භවන පාර්ලිමේන්තු සැසිවාරය හා ඉදිරි සැසිවාරවලට සහභාගිවීමට අවසරය විනිසුරුවරයා විසින් ලබාදී තිබේ.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කර මනාප 54,198 ක් ලබාගෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්විය.

(Lanka Leads)