Tuesday, January 13, 2026
Follow Us
හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන පිළිතුරු දෙයි

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත අද (18) පෙරවරුවේ පැමිණියා.

ඒ, එම පොලිස් ඒකකය වෙත පෙනී සිටින ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට මීට පෙර සිදු කළ දැනුම් දීමකට අනුවයි.

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම හමුවේ මේ වනවිට සාක්ෂි ලබාදෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(Neth)