Sunday, August 10, 2025
Follow Us
අපේ ජනබල පක්ෂය ගැන මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය අද

සිය පක්ෂයේ ලේකම් ධූරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (18) දිනයේදී තීරණය ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි අපේ ජනබල පක්ෂය පවසනවා.

එම පක්ෂයේ ලේකම් ලෙස තමන් කටයුතු කරන බැවින් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය තමන්ට ලබාදෙන ලෙස පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ඉකුත් දා මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා. අනතුරුව මැතිවරණ කොමිසම වෙත අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ලිපියක් යොමුකරමින් සඳහන් කළේ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සිය පක්ෂයේ තාවකාලික ලේකම්වරයා ලෙස කටයුතු කළ හිමිනමක් බවයි.

එබැවින් සිය පක්ෂයේ හිටපු මහ ලේකම් නිශාන්ත රත්නායක අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයා ලෙස පිළිගන්නා ලෙස එම පක්ෂයේ සභාපතිවරයා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දිනයේදී තීරණයක් ලබාදෙනු ඇති බවයි අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිිටියේ.

(Neth)