Sunday, August 10, 2025
Follow Us
මගේ ඇමැතිකමත් අවුල් : කතා නොකර සිටීම වැඩිය හොඳයි

තමන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන ගැටලු නැතුවා ම නොවුණත් ඒත් ඒ ගැන කතා නොකර සිටින බව වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

කළකිරීමක් ඇතත් කලබල වන්න එපා යයි සහෝදර ඇමතිවරුන් තමන්ට පැවසූ බවද ඔහු පැවසීය.

එනිසා ඉවසීමෙන් පරිස්සමෙන් කල්පනාවෙන් ඉදිරියට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

සද්දන්ත එක්සත් ජාතික පක්ෂයට වුන දේ පොහොට්ටුවට වීමේ බැරි කමක් නොමැති බවත් ඒ නිසා ඉවසීමෙන් කටයුතු කළ බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පදියතලාවේ දී පැවැති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

(Lanka Leads)