Saturday, August 09, 2025
Follow Us
ඡන්ද ක්‍රමයේ වෙනසක් කරන්නත් කතාබහක්

නව රජය යටතේ මනාප ඡන්ද ක‍්‍රමයද වෙනස් කළයුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

මැතිවරණවලට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම්වලට පවතින නීතිරීති ද වැඩි කළ යුතු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

දේශපාලඥයන් සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් රාජ්‍ය දේපළ භාවිතා නොකළ යුතු බව පැවසූ අමාත්‍යවරයා දේශපාලඥයින්ට මෙහිදී ආදර්ශයක්ද ලබාදුන්නා.

ඒ අනුව තමන් පැමිණි වහාම මෙම උත්සවය පැවැති ශාලාවේ ගාස්තුව විමසා එම ගාස්තුව තමන් විසින්ම ගෙවීමට පියවර ගත්තා. සිය දේශපාලන ගමන සඳහා රාජ්‍ය දේපළ භාවිතා නොකළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

බදුල්ල ප‍්‍රදේශයේ පැවති මෙම උත්සවයකදී අමාත්‍ය නිමල් සිිරිපාල ද සිල්වා මෙම අදහස් පළ කළා.

(Neth)