මහමැතිවරණයට පෙර සමගි ජන බලවේගය සහ මුස්ලිම් කොංග්‍රසය අතර ඇතිකරගත් එකගතාවන් සජිත් පාර්ශ්වය විසින් බිද දමා ඇති බවට මුස්ලිම් කොංග්‍රසය චෝදනා කර සිටී.
එහි ජ්‍යෙෂ්ඨ සාමාජික එච්.එම්.එම්. හරීස් මහතා ප්‍රකාශ කළේ මැතිවරණයට පෙර ජාතික ලයිස්තුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග තම පක්ෂය ලිඛිත එකගතාවකට පැමිණි බවත්, මේ වනවිට එම එකගතාව බිද දමා ඇති බවත්ය.
හෙතෙම පෙන්වා දෙන්නේ සිය පක්ෂයට නියත වශයෙන්ම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවිය යුතු බවකි.
නමුත් සමගා ජන බලවේගය පෙරේදා (13) සිය ජාතික ලයිස්තුව නම් කළ අතර එහි කිසිදු මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකු ඇතුළත් නොවීය.
(Lanka Leads)