Tuesday, January 13, 2026
Follow Us
අපේ පක්ෂයේ ලේකම් බිල්ලාඩන් වගේ හැංගිලා ඉඳන් වීඩියෝ දානවා - ඥානසාර හිමි

අපේ ජන බල පක්ෂයට පසුගිය ජනාධිපතිවරණයේදී හිමි වූ මන්ත්‍රී ධුරය හේතුවෙන් එම පක්ෂය තුළ මතුව තිබෙන අර්බුදය තවමත් සමනය වී නොමැත. මෙම අර්බුදය හේතුවෙන් අපේ ජන බල පක්ෂයේ නායකයන් ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා කර ගන්නා තත්වයට පත්ව තිබේ.

අතුරලියේ රතන හිමි පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මෙම මන්ත්‍රී ධුරය ලැබුණාට වඩා නොලැබුණා නම් හොඳ බවයි.

මේ අතර ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ප්‍රකාශ ක‍ළේ පක්ෂයේ ලේකම්වරය ලෙස තෝරාගෙන තිබෙන්නේ මෝඩ මී හර‍කෙක් බවයි. පක්ෂයේ ලේකම්වරයා සැඟවී සිටිමින් බිල්ලාඩන් මෙන් විටින් විට වීඩියෝ නිකුත කරන බවත් දැන් සියලු දෙනාට ගැටලුව වී තිබෙන්නේ මන්ත්‍රී ධුරය නොව පක්ෂ ලේකම් තනතුර බවත් ඥානසාර හිමි පවසනවා.

මෙම මන්ත්‍රී ධුරය මේ වනවිට නීතිමය ගැටලුවක් බවට පත්ව ඇති අතර ඒ නිසා පසුගියදා මැතිවරණ කොමිසම විසින් නීතිපතිවරයාගෙන් නීති උපදෙස් පවා ලබාගෙන තිබිණි.

(LNW)