Saturday, August 09, 2025
Follow Us
අඬන්න ද හිනාවෙන්න ද කියලා මට තේරෙන්නේ නෑ – චන්ද්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

මාධ්‍යට අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කළාය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද කියලා මම හැමතැනම හොයනවා..පහුගිය අවුරුද්දේ සිරිසේන මේක විනාශ කළා..රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනය මම පිළිගන්නේ නෑ..නමුත් එතුමා ශක්තිමත් නායකයෙක්..”

“ශ්‍රී.ල.නි.ප. ය ගැන මට කණගාටුයි..අඬන්නද හිනාවෙන්නද කියලා තේරෙන්නේ නෑ…සිරිසේන කැත විදිහට පක්ෂය විනාශ කළා..බැනුම් ඇහුවා , අපිව පරද්දන්න කියලා කිව්වා..දැන් ලැජ්ජා සහගත විදිහට අමාත්‍යාංශ කිහිපයක් දීලා තියෙනවා..”

“අපේ පක්ෂයේ සභාපතිට මොකුත් නෑ..ලේකම්ට බතික් අමාත්‍යාංශය..ඒකට ආයතන මොකුත් නෑ…”

“අලුත් නායකත්වයක් යටතේ අපේ පාක්ෂිකයින් අතරින් තෝරාගෙන පක්ෂය ඉදිරියට ගෙනියනවා..එහෙම කරන ඕනකෙනෙකුට මගේ සහයෝගය ලැබෙනවා..”යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

(Lanka LEads)