Wednesday, January 14, 2026
Follow Us
ජාතික ලයිස්තු නම පසෙක තබා නායකත්වය විසඳ ගන්න එජාපය රැස් වෙයි

පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත‍්‍රි ධුරය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (14) රැස්වනවා.

ඒ පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදියි.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පළමුවෙන් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

අනතුරුව ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව ඔහු සඳහන් කළා. පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් ඉකුත් දින කිහිපයේදීම සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුවා.

(Neth)