Wednesday, January 14, 2026
Follow Us
හතර අට වෙයි – ජෝන්, සාගල හැර අන් සියල්ලන්ම නායකත්වය ඉල්ලයි

එජාප නායකත්වය සඳහා ජෝන් අමරතුංග, සාගල රත්නායක යන මහත්වරුන් හැර අන් ජේෂ්ඨයන් එම පක්ෂයේ නායකත්වය ඉල්ලීමට පටන් ගෙන තිබේ.

ප්‍රථමයෙන් 4 දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් වූ අතර දැන් එම සංඛ්‍යාව 08 දක්වා වැඩි වී තිබේ.

උප නායක රවී කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවින් දිසානායක, භාණ්ඩාගාරික දයා ගමගේ, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර හා 2015 දී පක්ෂයට එක් වූ අර්ජුන රණතුංග යන මහත්වරුන් ඒ අතර වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සිරිකොතේ රැස්වීමක් කැඳවා තිබු අතර පසුව සිය නිවසේ රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, නවින් දිසානායක, සාගල රත්නායක හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.

(Lanka Leads)