Thursday, August 07, 2025
Follow Us
වියත්මගේ සිව්දෙනෙකු රාජ්‍ය ඇමතිවරු ලෙස දිවුරයි

වියත්මග සංවිධානය නියෝජනය කොට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කළ ආචාර්ය සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන හට රාජ්‍ය අමාත්‍ය ධුරයන් පිරිනමා තිබේ.

ඊට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් පාර්ලිමෙන්තුවට තේරී පත්වූ වෛද්‍ය සීතා අරඹේපොල හටද රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ආචාර්ය සරත් විරසේකර : පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයද

ආචාර්ය නාලක ගොඩහේවා : නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
සිතා අරඹේපොළ : නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
මහාචාර්ය චන්න ජයසුමන : ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන

(Lanka Leads)