එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බවත්, ඒ සමගම රැස්ව සිටි පිරිසෙන් දැඩි විරෝධය පළව ඇති බවත් දැනගන්නට ඇත.
ඊයේ (10) දින පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එජාප ජ්‍යෙෂ්ඨයන් සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්ව පැවැත්වූ සාකච්ජාවේදී මෙය සිදුව තිබේ.
මෙහිදී නව නායකත්වය සදහා නම් ඉදිරිපත් කරන ලෙසට කළ දැනුම් දීමට අනුව කරු ජයසූරිය මහතාගේ බෑණා වන නුවරඑළි දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ නවීන් දිසානායක මහතා ජයසූරිය මහතාගේ නම යෝජනා කිරීමට පියවර ගෙන ඇත.
එහිදී රැස්ව සිටි පිරිසෙන් ජයසූරිය මහතාගේ නමට දැඩි විරෝධය පළව ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ ජයසූරිය මහතා වතාවකදී පක්ෂය පාවාදී 17ක මන්ත්‍රී කණ්ඩායමක් සමග ගොස් මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කළ බවකි. මේ හේතුවෙන් එජාපය බරපතළ අර්බූදයකට මුහුණ දුන් බවද ඔවුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම ජයසූරිය මහතා මේ වනවිට අසූ වියේ පසුවන බැවින් පක්ෂයට නව ජවයක් සහිත තරුණ නායකයකු අවශ්‍ය බවද ඔවුන් පෙන්වා දී ඇත.
කෙසේවෙතත් මෙහිදී ඇතැමුන් පෙන්වා දී ඇත්තේ ජයසූරිය මහතා අන්තර්කාලීන නායකයකු ලෙස පමණක් පත් කරන බවකි.
ඊටද විරෝධය දක්වා ඇති පිරිස පෙන්වා දී ඇත්තේ පක්ෂයට දැන් අවශ්‍යව ඇත්තේ නිත්‍ය නායකයකු මිස අන්තර්කාලීන නායකයකු නොවන බවකි.
(Lanka LEads)