Wednesday, January 14, 2026
Follow Us
සුරේන් රාඝවන් ද්විත්ව පුරවැසියෙක් කියා පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර සිටින උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර සුරේන්ද්‍ර රාඝවන් මහතා සම්බන්ධයෙන් පූජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමියන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හිටපු ආණ්ඩුකාර සුරේන්ද්‍ර රාඝවන් මහතා ද්විත්ව පුරවැසියකු බව පවසමින් මෙම පැමිණිල්ල මැතිවරණ කොමිසමවෙත ඉදිරිපත් කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සුරේන්ද්‍ර රඝාවන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලැයිස්තුව මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාවක් නැත.

සිවිල් සංවිධානයේ සාමාජික පුජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමි සුරේන්ද්‍ර රාඝවන් මහතා ද්විත්ව පුරවැසියෙක් කියලා අපිට ලැබුණු තොරතුරු අනුව අපි මැතිවරණ කොමිසමට පැමිණිලි කළා. ඒ වගේම එතුමාගේ ෆේස්බුක් ගිණුමේ රාජපක්ෂ පවුලේ පිංවතුන් එතුමා නිර්දය විදියට විවේචනය කරන්න කටයුතු කරලා තිබෙනවා. සිටිෂන්ෂීප් එක ගැන කොමිසම සොයා බලයි කියලා අපි හිතනවා යනුවෙන් සිවිල් සංවිධානයේ සාමාජික පුජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමි පවසයි.

(Aruna)