Wednesday, January 14, 2026
Follow Us
ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නීතියෙන් බාධාවක් නැහැ

රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ, මරණ දඩුවම නියම වී සිටින පේ‍්‍රමලාල් ජයසේකරට මන්ත‍්‍රීවරයෙකු වශයෙන් දිව්රුම් දීමට නීතිමය ගැටළුවක් මතු නොවන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසනවා.

මැතිවරණ කොමිසම මගින් ඉකුත් සිකුරාදා රාති‍්‍රයේ නිකුත් කළ පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයේ පේ‍්‍රමලාල් ජයසේකරගේ නම ඇතුළත්ව ඇති බැවින් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමි වන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

ඒ සඳහා පේ‍්‍රලාල් ජයසේකර විසින් ගොනු කර ඇති අභියාචනය පිළිබඳ ඔහුගේ නීතීඥයින් විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කළහොත්, ඔහුට මන්ත‍්‍රීවරයෙකු වශයෙන් දිව්රුම් දීමට අවස්ථාව හිමි වන බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)