Wednesday, August 06, 2025
Follow Us
රනිල් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් ......

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග සඳහන් කරයි.

මහමැතිවරණයේදී ලද ඓතිහාසික පරාජයෙන් අනතුරුව උද්ගතවී ඇති වාතාවරණය සම්බන්ධයෙන් ඒ මහතා තම අභ්‍යන්තර කවයේ සමීපතමයින් සමඟ පසුගිය දින කිහිපයෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර පක්ෂයෙහි උන්නතිය වෙනුවෙන් තමන් නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව ඒ මහතා විසින් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් තමන්ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් නම් කරන්නේ කවුරුන්ද යන බරපතළ ප්‍රශ්නය නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඉවත් වීම ප්‍රකාශයට පත්කිරීම ද ගැටළු සහගත වී ඇති බවත් වාර්තා විය.

රුවන් විජේවර්ධන මහතාට එජාප නායකත්වය බාරදෙන ලෙස ඉල්ලීම් පැමිණිය ද මෙවන් අති දුෂ්කර මොහොතක ඔහුට නායකත්වය ලබාදුනහොත් පක්ෂය බිඳී විසිරී විනාශයට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇති බවට ද වික්‍රමසිංහ මහතාගේ සමීපතමයින් අනතුරු හඟවා ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

(LNW)