Wednesday, August 06, 2025
Follow Us
ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අධිකරණ ඇමතිකම දීම ගැන බලවත් විරෝධයක්

අභිනවයෙන් පාර්ලිමේන්තුවට පත් වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අධිකරණ ඇමතිකම වැනි තීරණාත්මක වැදගත් ඇමතිකමක් බාරදීම පිළිබඳව විවිධ පාර්ශව වලින් බරපතල විරෝධය එල්ල වෙමින් ඇත.

සමාජ මාධ්‍ය ජාලය සහ සෘජුව එල්ල වෙමින් පවතින එම විරෝධය රජයේ ඉහළ පාර්ශව වලට ද සන්නිවේදනය වී ඇති බව වාර්තා වේ.

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක් ඉදිරියේ තිබියදී සහ ඉස්ලාම් විවාහ නීති මෙන්ම මද්‍රසා පාසල් පිළිබඳ මහජන අවධානය යොමුව ඇති අවස්ථාවක අලි සබ්රි මහතා නව පදවිය තුළ බලවත් පීඩනයකට ලක්වන බවට දේශපාලන විචාරකයෝද මත පළ කරති.

ඔහුට අන්තවාදී බලවේගවල බලපෑම්වලින් මිදී එම බරපතල වගකීම් ඉටු කිරීමට අවවස්ථාවක් නොලැබුණ බවට ද ඔවුහු අනාවැකි පළ කරති.

(Lanka Leads)