Wednesday, January 14, 2026
Follow Us
සිරිකොතට පොලිසිය එයි

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සිරිකොත පක්ෂ මූලස්ථානය ආක්‍රමණය කරනු ඇති බවට මතුව ඇති බිය මේ සදහා හේතු වී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත් ජයග්‍රහණයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් සමගි ජන බලවේගය ශක්තිමත් කරමින් ආණ්ඩු බලය ලබා ගැනීමට ඉදිරියටම යන බවත්, තම පක්ෂ ප්‍රතිපත්ති පිළිගන්නා සියලුම දෙනාට තමන් සමග එකතු විය හැකි බවත්ය.

(Lanka Leads)