Tuesday, August 05, 2025
Follow Us
මෛත්‍රි පිරිස රැස් කරයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ ඩාලි පාරේ පිහිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

මෙවර මහ මැතිවරණයෙන් ජයගත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සියලූ අපේක්ෂකයින් එම රැස්වීමට කැඳවා තිබෙනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරග කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් ගණන 14 ක්.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය සහ දුෂ්මන්ත මිත‍්‍රපාල මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් අතරට අයත් වනවා.

අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, ශාන් විජේලාල් ද සිල්වා, ශාන්ත බණ්ඩාර හා ජගත් පුෂ්ප කුමාර එලෙස මන්ත‍්‍රී ධූර හිමි කරගත් සෙසු පිරිසයි.

(Neth)