Wednesday, January 14, 2026
Follow Us
එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයට හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු බැල්ම හෙලයි

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳව තවමත් නිෂ්චිත එකගතාවකට පැමිණ නොමැති බව වාර්තා වනවා.

මහ මැතිවරණයෙන් පරාජය වූ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය තමන්ට ලබාදෙන ලෙස පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලීම් ද කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය බොහෝ විට ඉකුත් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයෙකුටම ලබාදීම කෙරෙහිද එම පක්‍ෂයේ අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(Neth)