Tuesday, August 05, 2025
Follow Us
තුනෙන් දෙකේ බලය ගන්නා හැටි පොහොට්ටුව පෙන්වයි

සිය පෙරමුණට මේ වනවිට මන්තී‍්‍ර ආසන 150 ක් සහිත තුනෙන් දෙකක බහුතර බලයක් ඇති බැවින් වෙනත් පාර්ශවයක සහයක් අවශ්‍ය නොවන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර 17 සමගින් මෙවර මහමැතිවරණයේදී මන්තී‍්‍ර ආසන 145 ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.

සිය පෙරමුණට සහය දක්වන පක්ෂ 4 ක් උතුරු නැගෙනහිර පළාත්වලින් මන්ත‍්‍රී ආසන 5 ක් දිනා සිිිටින බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සිය පෙරමුණට ලැබී ඇති බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සදහන් කළේ.

ඒ් අනුව ඩග්ලස් දේවානන්ද නායකත්වය දරන ඊ පී ඞී පී පක්‍ෂය දිනාගත් මන්ත‍්‍රී ආසන 2 ක සහ දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කයෙන් තරග කළ ඒ එල් එම් අතාවුල්ලගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග‍්‍රසය දිනාගත් මන්තී‍්‍ර ආසනයද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බහුතරය ලබාගැනීමට සහය වනු ඇති.

එමෙන්ම යාපනය දිස්ති‍්‍රක්කයට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග වැදුණු අංගජන් රාමනාදන්ට මන්තී‍්‍ර ආසනයක් හිමි ඇති අතර මඩකලපුව දිස්ති‍්‍රක්කයෙන් තරග වැදුණු තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් පක්‍ෂයෙන් තරග කළ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එක් මන්තී‍්‍ර ආසනයක් දිනාගත්තා.

ඒ අනුව එම මන්තී‍්‍රවරුන්ද සිය පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීමට සහාය වන බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ.

(Neth)