Tuesday, August 05, 2025
Follow Us
පොහොට්ටුවෙන් ගොඩගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට මනාප නොදෙන්නැයි කෙතරම් ප්‍රචාර ගෙන ගියද ශ්‍රීලනිප අපේක්ෂකයන් 13 දෙනෙකු පාර්ලිමේන්තු යැවීමට ඡන්දදායකයන් සිය කැමැත්ත ලබා දී තිබෙනවා.

ඉන් ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නිමල් සිරිපාල ද සිල්වා මහතායි. ඔවුන් දෙදෙනා පොළොන්නරුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට සමත් වූයේ ලක්ෂය ඉක්මවා මනාප ලබා ගනිමිනි.

මෙම 13 දෙනාට අමතරව යාපනය දිස්ත්‍රික්කය සඳහා ශ්‍රීලනිපය තනිව තරග කරමින් එක් මැතිවරණ බල ප්‍රදේශයක්ද ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර යාපනයෙන් එක් මන්ත්‍රී ආසනයක් දිනාගෙන තිබෙනවා.

මෙවර පාර්ලිමේන්තු වරම් ලැබූ ශ්‍රීලනිප අපේක්ෂකයන්

01. මෛත්‍රීපාල සිරිසේන - පොළොන්නරුව
02. දුමින්ද දිසානායක - අනුරාධපුර
03. මහින්ද අමරවීර - හම්බන්තොට
04. ලසන්ත අලගියවන්න - ගම්පහ
05. නිමල් සිරිපාල - බදුල්ල
06. චාමර සම්පත් - බදුල්ල
07. දයාසිරි ජයසේකර - කුරුණෑගල
08. ශාන්ත බණ්ඩාර - කුරුණෑගල
09. ශාන් විජයලාල් - ගාල්ල
10. රන්ජිත් සියඹලාපිටිය - කෑගල්ල
11. සාරතී දුෂ්මන්ත - කෑගල්ල
12. ජගත් පුෂ්පකුමාර - මොණරාගල
13. කාදර් මස්තාන් - වන්නි
14. අංගජන් රාමනාදන් - යාපනය

(LNW)