Tuesday, August 05, 2025
Follow Us
විග්නේෂ්වරන්ටත් මැතිසබයේ අසුනක් - දෙමළ සන්ධානයේ දෙදෙනෙකුට මන්තී‍්‍ර ධුර අහිමි වෙයි

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඉකුත් වර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුට සිය මන්තී‍්‍ර ධුර අහිමි වී තිබෙනවා. ඒ අනුව මෙවර මන්තී‍්‍ර ධුර අහිමිව ඇත්තේ මාවෙයි සේනාධිරාජා සහ ඊ. සරවනභවන්ටයි.

මේ අතර යාපනය දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වීමට උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සමත්ව තිබෙනවා. ඒ, තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්‍ෂයෙන්. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 31,554 ක්. අංගජන් රාමනාදන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් මෙවර යාපනය දිස්ති‍්‍රක්කය සදහා පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා. ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂයෙන් යාපනය දිස්ති‍්‍රක්කයට තේරී පත්ව ඇත්තේ සිවඥානම් ශී‍්‍රධරන්, එම් ඒ සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්.

ඊ පී ඞී පී සංවිධානයෙන් ඩග්ලස් දේවානන්දන් යාපනය දිස්ති‍්‍රක්කය සදහා පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා.

මේ අතර වන්නි දිස්ති‍්‍රක්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂය නියෝජනය කරමින් චාල්ස් නිර්මලනාදන්, සෙල්වම් අඩෙක්කලනාදන් සහ එස් යෝගරාජලිංගම් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. සමගි ජන බලවේගය නියෝජනය කළ රිෂාඞ් බදියුදීන්ද මනාප 28,203 ක් ලබා මෙවර වන්නි දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

(Neth)