Tuesday, August 05, 2025
Follow Us
පොහොට්ටුවට ජාතික ලැයිස්තුවෙන් ආසන 17ක්

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව ඇත.

සමගි ජන බලවේගයට ආසන 7ක් සහ ජාතික ජන බලවේගයට එක් ආසනයක් ද හිමි වේ.

එමෙන්ම ඉලංගෙයි තමිල් අරුසු කච්චි එක් ආසනයක් හා එක්සත් ජාතික පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, අපේ ජන බල පක්ෂයට ද එක් ආසනයක් බැගින් හිමිව තිබේ.

(Aruna)