Tuesday, August 05, 2025
Follow Us
රනිල්ට ආසනයත් අහිමි වෙයි- එජාපයට දැවැන්ත පරාජයක්

ශ්‍රී ලංකාවේ තෙවරක් අගමති පදවිය දැරූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයේ දී ඔහු තරඟ කළ කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජයට පත් විය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් එජාපයට ලැබී ඇත්තේ ඡන්ද 30875ක් පමණි. වික්‍රමසිංහ මහතා වසර 42ක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර වසර 26ක් කාලයක සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් ද කටයුතු කරයි.

මේ අතර මෙවර ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂ උපනායක,රවි කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, භාණ්ඩගාරික දයා ගමගේ යන මහත්වරු ද පරාජයට පත් වී තිබේ.


(news.lk)