Tuesday, August 05, 2025
Follow Us
මනාප පොරය මේ ඡන්දයත් සමඟ අවසන් කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

ඊයේ දින කොළඹ විශ්ව විද්‍යාලයේදී තම ඡන්දය භාවිතා කළ රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍ය අමතා ප්‍රකාශකොට ඇත්තේ මෙම ඡන්දය මනාප පොරය සහිත අවසන් ඡන්දය බවට පත් විය යුතු බවය.

ඔහුට අනුව බලයට පත්වන ආණ්ඩුව තමා විසින් ගෙන ඒමට උත්සහා කළ මැතිවරණ ක්‍රමය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධන නව ආණ්ඩුව විසින් ගෙන ආ යුතුය. ඒ පිළිබඳව අදහස් දක්වන විචාරකයින් පවසන්නේ අනාගත මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධන ගෙන අවොත් ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ කොන්දේසිය යටතේ රනිල් වික්‍රමසිංහ පිළ ඊට සහය දීමට ඉඩ තිබෙන බවය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා විසින් සඳහන් කොට ඇති පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකේ බලය සාදා ගැනීමේ කථාව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් යථාර්තයක් බවට පත්වීමට ඉඩ ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

(Lanka Leads)