Wednesday, January 14, 2026
Follow Us
කොළඹ අවසන් නිල ජන්ද ප්‍රථිපලය නිකුත් කරන ස්ථානයේ වෙනසක්

කොළඹ අවසන් ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානය මෙවර බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දි සිදු කිරිමට නියමිතය.

කොළඹ මැතිවරණ බල ප්‍රදේශයට අයත් ජන්ද කොට්ඨාශ 15හි ජන්ද ප්‍රතිඵල සහ කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ සමස්ත අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමේ නිවේදිත මධ්‍යස්ථානය ලෙස මෙවර කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය යොදා ගන්නා බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සහ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කර සිටී.

මෙතෙක් පැවති මැතිවරණවලදී කොළඹ රාජකීය විද්‍යාලය දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගත්ත ද පවත්නා කොවිඩ් 19 තත්ත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ලෙස මෙවර එය වෙනස් කිරිමට පියවර ගෙන ඇත.

(LAnka Leads)