Wednesday, January 14, 2026
Follow Us
මහින්ද දේශප්‍රිය 2011න් පසු ඡන්දය ප්‍රකාශ කරන්න ආ හේතුව

ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ඉතාමත් සුරක්ෂිත බැවින් සියලු දෙනා පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් සිදුකරයි.

බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ දී අද (5) උදෑසන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේය.

තමන් ඡන්ද දායකයෙකු ලෙස ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියේ 2011න් පසුව බවත් එහිදී ඒ මහතා ප්‍රකාශ කළේය.

“මට ඕනේ වෙලා තිබුණා අවුරුදු 65ක් වෙලත් වයස ප්‍රශ්නයක් නෑ, ඡන්දපොළ සුරක්ෂිතයි..බය නැතුව ඡන්දේ දාන්න එන්න..”

“ඒ ඡන්දපොළේ ඔබට කිසිදු ගැටලුවක් නැතුව ඡන්දේ දාන්න පුළුවන්..”

“අපේ ඉල්ලීම තරුණයින්ට එන්න ඡන්දේ දාන්න, තමන්ගේ අයියලා අක්කලා, අම්මලා තාත්තලා, ආච්චිලා සීයලාට එන්න කියන්න ඡන්දේ දාන්න..ඡන්දේ ඔබේ අයිතියයි.. ඔබේ හඬයි..ඔබේ අනාගතයයි..” යනුවෙන් ද එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

(Lanka Leads)