අද (05) දහවල් 12 පමණ වනවිට බොහෝ දිස්ත්‍රික්කවල 40% ඉක්මවන ඡන්දදායකයන් ප්‍රමාණයක් සිය ඡන්දය භාවිතා කර ඇති බව වාර්තා වේ. ඇතැම් දිස්ත්‍රික්කවල එම ප්‍රතිශතය 50% ආසන්නයට පැමිණ තිබේ.
දහවල් 12 වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද 46% ඉක්මවා ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 45% ක් ලෙස වාර්තා වන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සදහන් කරනවා.
එසේම, කුරුණෑගල, හම්බන්තොට, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල 40% ක ප්‍රතිශතයක් අද මධ්‍යහ්න 12 වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ 45% ක් මේ වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.
කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගේ අඩු උනන්දුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. අද දහවල් 12 වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් සිය ඡන්දය භාවිතා කර තිබෙන්නේ 34% ක පමණ පිරිසකි.
(LNW)