Thursday, April 25, 2024
Follow Us
නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති ඡන්ද දායකයන් කළ යුතු දේ

නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයන්ට අද (04) සහ හෙට (05) තැපැල් කාර්යාලවලින් එම ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බවය.

මේ අතර මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක දෙවන පිටපතක් භාගත කර ගත හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

කෙසේවුවද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැති වුව ද ලියාපදිංචි ඡන්ද දායකයින්ට සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වේ.

(Lanka Leads)