Friday, April 26, 2024
Follow Us
පාර්ලිමේන්තු යැවිය යුත්තේ කාවදැයි පොහොට්ටුවේ සභාපති කියයි

මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ඊයේ (02) පැවැති රැස්වීමකදී අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ සුසන්යෝගය ශක්තිමත් කරන වැඩකරන පිරිසක් බවයි.

මේ අතර ඊයේ රාතී‍්‍රයේදී ප‍්‍රධාන දේශපලන පක්ෂ සිය අවසන් ජන රැලි සංවිධානය කර තිබූ අතර සමගි ජන බලවේගයේ අවසන් ජන රැලිය පැවැත්වුණේ කොළඹ අලූත්කඬේ ප‍්‍රදේශයේදීයි.

එම ජන රැලිය ඇමතූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක කියා සිටියේ මැද කොළඹ ශක්තිමත් සහ සුන්දර තැනක් බවට පත් කළ හැකි නායකයෙක් දැන් පැමිණ සිටින බවයි. මැද කොළඹ සහ උතුරු කොළඹ රනිල්ගේ බූදලයක් නොවන බව මෙවර මැතිවරණයෙන් පෙනෙනු ඇති බවත් සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය සිය අවසන් ජන රැලිය සංවිධානය කර තිබුණේ මරදාන සුදුවැල්ල ප‍්‍රදේශයෙදීයි. එම ජන රැලිය ඇමතූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක කියා සිටියේ අද වයර් මාරු වූ අලි ටිකක් අතරමන් වී ඇති බවයි. ඒ අය එක්සත් ජාතික පක්ෂයේ පිරිසිදුබාවය නැති කරන බවත් සඳහන් කළා.

ජාතික ජන බල වේගය සංවිධානය කළ ජන හමුවක් ඇමතූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ මේ වන විට ආණ්ඩුවේ සමීක්ෂණ වාර්තා සහ බුද්ධි අංශ වාර්තා මගින් රටේ ජනතාවගේ දේශපාලන පෙළ ගැස්ම වාර්තා වී ඇති බවයි. සිය පක්ෂයට ලැබෙන ජනතාවගේ ප්‍රතිචාරයට සමානුපාතිකව ආණ්ඩුවේ ප්‍රහාර ද වැඩි වී ඇති බවද පෙන්වා දුන්නා.

(Neth)