Tuesday, August 05, 2025
Follow Us
බැසිල්ගෙන් අනාවැකියක්

මෙවර මහ මැතිවරණයෙන් 130ත් 135ත් අතර ආසන ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගත හැකි බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කළේය.

තක්සේරුව එම ප්‍රමාණය වුවත් ආසන 150ක් බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් සමස්ත රටේම ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නා ජන්ද වලින් අඩක් දෙවෙනියාට ලබා ගත නොහැක බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම අනෙක් පසින් ජනතා විමුක්ති පෙරමුණටත් යම්කිසි මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙනවාට තමන් කැමති බවද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

(Lanka Leads)