Wednesday, January 14, 2026
Follow Us
ශ‍්‍රීලනිපයට ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රි ධුර දෙකක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කරනු ලබන ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රීවරු දෙදෙනකු ලබා දීමට ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ විධායක කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස සහ හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන්ට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර ලබා දීමට යෝජනා කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සෑම දිස්ති‍්‍රක්කයකින්ම එක් මන්ත‍්‍රී ධුරයක් ලබා ගැනීම අරමුණ බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු පැවසීය.

(Lanka Leads)