සිය පක්ෂය ජයග‍්‍රාහී මාවතට ගෙන ඒම සඳහා දකුණේ සිංහල බෞද්ධ ඡනතාව ආකර්ෂණය කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ (01) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් විශේෂ වැඩසටහනට එක්වෙමින් රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.
එහිදී "ජනාධිපතිවරණයේදී දකුණෙන් අපිට සිංහල ඡන්ද ලක්ෂ 20ක් 25ක් විතර නැති වුණා. අපිට මීට කලින් එහෙම දෙයක් වෙලා නෑ. අපි කොහොම හරි එතනට ගිහින් සිංහල බෞද්ධ අයගේ ඡන්ද ගන්න ඕනේ. එහෙම නැතුව සාර්ථක වෙන්න බෑ. " යනුවෙන් සඳහන් කළා.
ජනාධිපතිවරණ පරාජයට බලපෑ හේතු සම්බන්ධයෙන් ද හිටපු අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූවා.
එහිදී පෙන්වා දුන්නේ "මට පේන හැටියට ඒ අපේක්ෂකයාත් හරි හැටි ආමන්ත්‍රණය කළේ නෑ." යනුවෙනි.
(Neth)