Tuesday, August 05, 2025
Follow Us
පුටු 225ට 7452ක් පොරපිටියේ

ලබන බදාදා පැවැත්වෙන මහ මැතිවරණයේ මන්ත්‍රීධූර 225ක් සඳහා අපේක්ෂකයන් 7452ක් තරග කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂ 25ක අපේක්ෂකයන් 3652ක් සහ ස්වාධීන කණ්ඩායම් 313ක අපේක්ෂකයන් 3800ක් මෙහිදී තරග කිරීමට නියමිත බවය.

මැතිවරණය සඳහා වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින අතර එම සංඛ්‍යාව 924කි. අපේක්ෂකයන් අඩුම සංඛ්‍යාවක් තරග කරනු ලබන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 152කි.
මෙවර මහ මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ මධ්‍යස්ථාන 12894ක් ඇති අතර ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2773ක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

(Lanka Leads)