Tuesday, August 05, 2025
Follow Us
ඡන්දෙට යන කෝටි 1000 වැටෙන්නෙත් සීනි, පරිප්පු, සැමන්, කරවල මතින් ජනතාවටම තමයි - මෛත්‍රී

මෙම මැතිවරණයේ දී 225 දෙනෙකු පාර්ලිමේන්තුවට පත්කර ගැනීම සඳහා වැය කෙරෙන රුපියල් කෝටි 1000කට අධික වියදමේ බර ද අවසානයේ වැටෙන්නේ ජනතාවගේ කරටම බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

"මේ ඡන්දෙට යනවා රුපියල් කෝටි 1000කට වැඩිය. කාගෙද සල්ලි ? තමුන්නාන්සෙලාගෙ සල්ලි ! සීනි, පිටි, පරිප්පු, සැමන්, කරවල .... ඒවයින් තමා කෝටි 1000 වියදම් වෙන්නේ, පාර්ලිමේන්තුවට යන්න 225ට. මං කිව්වෙ මැතිවරණ වියදම සහ ඒ වියදමේ බර කවුද ගන්නේ කියන කාරණාව. කොරෝනා නිසා රටේ ආර්ථිකය පහළ වැටුණා වගේම මේ මැතිවරණ වියදමුත් වැඩිවෙලා ඒ බරත් ජනතාවගේ කරට තමා වැටෙන්නේ"

"අවුරුද්දක් වැහුවත් පොලොන්නරුවේ වහන්න බෑ මං කරපු ව්‍යාපෘතිවල නම. හැම ගමකම තියෙනවා අඩු වශයෙන් හතරක් පහක් මං කරපු ව්‍යාපෘති. මේක මේ දෙවියන් වහන්සේ පහළ කරපු පොලොන්නරුවක් නෙවෙයි, මේකෙ ඇත්ත කතාව ඒකයි. මේවා කරපු හැටි, ගෙනාපු හැටි, ගෙනාපු කාලෙ .... මං මේවා අකුරක් නෑරම මං මැරෙන්න ඉස්සෙල්ලා ලියනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පොලොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

(LNW)