අගෝස්තු 3 වැනිදා පසළොස්වක පොහොය දිනයේද මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල යෙදීමට සියළු දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් කළ ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. ඉකුත්දා පැවති රැස්වීමකදී එම පක්‍ෂ ලේකම්වරුන් ඉල්ලා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිය ප‍්‍රචාරණ කටයුතු නිසි ලෙස සිදුකර ගෙන යාමට නොහැකි වූ බවයි.
මේ හේතුවෙන් ලබන 3 වැනිදා ගෙයින් ගෙට ගොස් හෝ සිය ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීමට අවසර දෙන ලෙසයි ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ.
කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය සදහන් කළේ ප‍්‍රචාරණ කටයුතු අගෝස්තු 2 වැනිදා මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්වීම හේතුවෙන් සහ පැන නැගිය හැකි තවත් කරුණු කිහිපයක් හේතුවෙන් එම අවස්ථාව ලබාදීමට නොහැකි බවයි.
කෙසේවෙතත් අගෝස්තු 3 සහ 4 යන දෙදින දේශපාලන පක්‍ෂවලට හිමි වරප‍්‍රසාද ගැනද මෙහිදී පැහැදිලි කෙරුණා.
එහිදී කියා සිටියේ නිශ්චිත ශාලාවක සිය ඡන්ද පොළ නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීමක් පමණක් පැවැත්විය හැකි බවයි. එයද කලින් දැනුම්දීමකින් පසුව සිදු කළ යුතු බවයි පෙන්වා දුන්නේ.
සියළු ඡන්ද දායකයින්ට සහ මැතිවරණ රාජකාරීවල නිරත නිලධාරීන්ට අගෝස්තු මස 5 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන දිනයේදී තමන් ආදර්ශයක්ද ලබාදෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.
ඒ අනුව තමන්ට ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය ඡන්ද පෙට්ටියට දමා පෙන්වන බවයි සඳහන් කළේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
(Neth)