Wednesday, January 14, 2026
Follow Us
2500 කතාව ඔප්පු කලොත් නාමයෝජනා ඉවත් කර ගන්නවා

රුපියල් 2500 කින් පවුලකට ජීවත් විය හැකි බවට තමන් ප්‍රකාශ නොකළ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් ඇතැම් දේශපාලනඥයින් විසින් එය විකෘති කර දක්වා ඇති බවයි.

තමන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බවට ඔප්පු කළහොත් තමන් මහ මැතිවරණයේ නාම යෝජනා ඉවත් කරගන්නා බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තු වැටුප තමන් කිසිකලක ලබා ගෙන නොමැති බව ද අමාත්‍ය බන්දුල ගුණර්ධන මහතා සඳහන් කර ඇත.

(Aruna)