Wednesday, January 14, 2026
Follow Us
TAN නැගෙනහිර බල බිඳෙයි – ප්‍රබලයන් රැසක් පොහොට්ටුවට

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු හා පළාත් පාලන ආයතන නියෝජිතයින් පහළොස් දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව තිබේ.

ත්‍රිකුණාමලයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම පිරිස කියා සිටියේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට තමන් මෙසේ සහාය ලබා දීමට තීරණය කළ බවයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, උප සභාපතිවරයෙකු, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හත්දෙනෙකු, හිටපු ප්‍රාදේශීය සභාපතිවරු දෙදෙනෙකු හා හිටපු විපක්ෂ නායකවරුන් දෙදෙනෙකු මෙම පිරිසට ඇතුළත්ය.

(Lanka Leads)