Wednesday, January 14, 2026
Follow Us
අන්තවාදී සහ ජාතිවාදී දේශපාලන පක්ෂ සමග ආණ්ඩු හදන්න අපට උවමනාවක් නෑ – නාමල්

මෙවර මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් අන්තවාදී දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“දෙරණ 360“ වැඩසටහනට ඊයේ (27) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය ආණ්ඩුව විසින් තුනෙන් දෙකේ බලය සකස් කර ගත්තේ ඇතැම් දේශපාලන පක්ෂ “හයර්එකට“ ගෙන බව ඒ මහතා සඳහන් කළේය.

“සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන කරුණක් වන්නේ ජනතා කේන්ද්‍රය ව්‍යවස්ථාවක් ගොඩ නැගීම බවත් ඒ සඳහා ජාතිකවාදී දේශපාලන පක්ෂ සහ වමේ දේශපාල පක්ෂ ඒකරාශී කර ගනිමින් ජනතා අදහස් ලබා ගන්නා බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)