Monday, August 04, 2025
Follow Us
15000ක් එන්න ඉන්නවා, සෞදි අරාබියට යැව්වේ එක ප්ලේන් එකයි. ඕං විරුවා සලකන හැටි ! - හරීන්

මැදපෙරදිග සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුව යොමුකර ඇත්තේ අවම අවදානයක් බවට සමගි ජන බලවේගයේ අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

"ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් මං පොඩි උදව්වක් ඉල්ලනවා. මං වෙනුවෙන් නෙවෙයි මේක මම ඉල්ලන්නෙ.

ඩුබායි රාජ්‍යයේ ඉන්නවා මේ වෙනකොට 102,363ක්. කටාර් රාජ්‍යයේ 150,000ක්. කුවේට්වල 97,000ක්. එතකොට සෞදියේ ඉන්නවා 400,000ක්. මිනිස්සු හිරවෙලා. ඔබතුමාලා දන්නවාද මිනිස්සු ආපහු එන්න ඉල්ලලා තියෙනවා ඔය කියපු හැම රටෙන්ම 15,000කට වඩා එන්න ඉල්ලලා තියෙනවා. මගෙ අම්මේ, දන්නවද මේ අහිංසක වැලිකතරෙ දුක් විඳින මිනිස්සුන්ගෙ රස්සා නැතිවෙලා තියෙන්නෙ. රස්සා නැතිවෙලා ඒ මිනිස්සුන්ට ලංකාවට එන්න බැරිවෙලා ඉන්නෙ.

ඔබතුමාලා දන්නවාද ඩුබායි රාජ්‍යයට අපෙ ලංකාවෙ මිනිස්සු ගෙන්නන්න දැනට ගිහිල්ලා තියෙන්නෙ ප්ලේන් 4යි. සෞදි අරාබියෙ තමයි වැඩියෙන්ම ශ්‍රී ලාංකිකයො වැඩ කරන්නේ, එක ෆ්ලයිට් එකයි යැව්වෙ, එක ෆ්ලයිට් එකෙ එන්න පුළුවන් 300යි. එතකොට කටාර් රාජ්‍යයට දෙකක් ගිහිල්ලා තියෙනවා. ඒවගේම කුවේට්වලට දෙකක් ගිහිල්ලා තියෙනවා. ඕමානයට එහෙම එකක්වත් ගිහිල්ලා නෑ. මැදපෙරදිග කිව්වාම තව රටවල් කීයක් තියෙනවද, ජෝර්දානය, බහරේන් ... කිසි රටකට ගිහිල්ලා නෑ. ඉන්දියාව දැනට විතරක් යවලා තියෙනවා ෆ්ලයිට් දෙදාස් ගාණක්. අපි හතරයි !

මොනවද මේ කතා කරන කුණුහරුප ? රටේ මිනිස්සු ! රට රකින විරුවාලු ! රට වෙනුවෙන් සල්ලි එවන මිනිහාට අඩුම ගාණෙ සලකලා නෑ. අපි හයවෙනිදා ආණ්ඩුවට ආපු ගමන් මුලින්ම කරන්නෙ ඒ ඔක්කොම එන්න ඕනෙ මිනිස්සුන්ව ලංකාවට ගෙනල්ලා දෙනවා කියලා මං පොරොන්දු වෙනවා ගරු දෙමව්පියනි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති ජනහමුවක් අමතමිනි.

(LNW)