Wednesday, January 14, 2026
Follow Us
රිෂාඩ්-රවි අද සී.අයි.ඩී.

හිටපු ඇමැතිවරුන් වන රිෂාඩ් බදියුද්දීන් සහ රවි කරුණානායක යන දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (27දා) දින පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුනියාව ඉරට්ට පෙරයකුලම්හි පිහිටි ඒකකයට ගොස් අද පෙරවරු 9.00ට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන්ට අධිකරණය නියෝග කර තිබේ.

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත ගොස් අද දින පෙරවරු 9.30ට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ඇමැති රවි කරුණානායකට නියෝග කර ඇත.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක විසින් ඉහත නියෝග ලබා දී තිබේ.

(Aruna)