මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලය ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේම සිටින පිරිසක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඇතැම් අයගේ ප්‍රකාශ හේතුවෙන් ජන්ද දායකයන් අධෛර්යමත්ව වන බවයි අමරවීර මහතා සඳහන් කරන්නේ.
ගැටුම් ඇතිකර නොගන්න ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබෙන පසුබිමක එය නොසලකා හරිමින් සිටින බවද ඔහු කියා සිටියි.
මේ අතර කුරුණෑගල සිදුව තිබෙන පුරාවිද්‍යා උරුමයක් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වූ විට අදාළ පාර්ශවවලට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බවත් අමරවීර මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළකළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.
(LNW)