පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිදුවු දේශපාලන පළිගැනීම් අමතක කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක උදිත ලොකුබණ්ඩාර මහතාගේ ජය තාහවුරු කිරිමේ ජන හමුවක් හාලිඇල ඇටම්පිටිය ප්‍රදේශයේ ඊයේ (25) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සන්විධානය කර තිබුණි.
එහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. එම ජනහමුවට එක්ව සිටි හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා ජනහමුව අමතන අවස්ථාවේ පැමිණ සිටි පිරිසකගෙන් විරෝධය එල්ල විය. රැළියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණේ ඉන් ටික වේලාවකට පසුවය.
(Lanka LEads)