Wednesday, January 14, 2026
Follow Us
තැපැල් ඡන්දයට අදත් අවස්තාවක්

මේ දක්වා සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් හට අද දිනයේ ද, සිය තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවස්ථාව හිමිවනවා.

ඒ අනුව තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී අද උදෑසන 08.30 සිට පස්වරු 02.00 දක්වා ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යයාලය පිහිටි දිස්ති‍්‍රක්කයේ, දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලයේදී සිය තැපැල් ඡන්දය භාවිත කළ හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

(Neth)