Monday, August 04, 2025
Follow Us
මම අගමැති වෙලා මගේම අතින් ජනතාවට සහන දෙනවා – සජිත්

තමන් අගමැති වී තමන්ගේ අතින්ම ජනතාවට සහන දීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ වියළුව ආසනයේ පැවති ජනහමුවකදීය.

සහන දෙන බව පවසමින් බලයට පත් වූ ආණ්ඩුවට සැමන්, පරිප්පු මිල පාලනය කරගැනීමට හැකි වූයේ දින 15ක් පමණක් වන අතර සහල් මාෆියාවට යට වීමටද ආණ්ඩුවට සිදු වූ බව ප්‍රේමදාස මහතා කියා සිටියේය.

මේ අතර 4% සහන පොළියට ණය ලබා දෙන බව පැවසුවද එලෙස ණය ලබා ගත කෙනෙක් නැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව පෙනෙන්නට තිබෙන සත්‍ය ඉදිරියේ බොරුව දිනවන්න සූදානම් ලෙස ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

(Lanka Leads)