Monday, August 04, 2025
Follow Us
සුළු ජාතීන් පාර්ලිමේන්තුවේ සිටීම ආණ්ඩුවට හිසරදයක් වෙලා.. සුළු ජාතීන්ගේ බලය වනසන්න ආණ්ඩුව කූට උපක‍්‍රම යොදනවා.. – හකීම්ගෙන් අඳෝනාවක්

‘සුළු ජාතීන්ගේ නියෝජනය දැනට පාර්ලිමේන්තුවේ වැඩි බලපෑමක් සිදු කරන නිසා ඔවුන්ගේ එම බලය බිඳ දමා එය සීසීකඩ කර දැමීමට මෙම පොදුජන පෙරමුණ ආණ්ඩුව ඒ සඳහා විවිධ කූට උපක‍්‍ර යොදමින් සිටිනවා.

එහි එක් පියවරක් වශයෙන් මහනුවර දිස්ති‍්‍රක්කයට පමණක් මුස්ලිම් ජාතික අපේක්ෂකයන් විසි දෙදෙනකු තරග කිරීමට දිරිමත් කොට අවස්ථාව ලබාදීම සිදුව ඇත්තේ මෙහි ඇති මුස්ලිම් ඡන්ද ගොඩ සුළු සුළු කොටස්වලට සීසීකඩ වී අවසානයේ එකම මුස්ලිම් ජාතිකයකුවත් පාර්ලිමේන්තුවට පත් නොවී යෑමයි. පොදුජන පෙරමුණ රජය මෙවැනි කූට වැඩපිළිවෙළක් යොදා ඔවුන්ට හිතකර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. රජය මෙවැනි කූට වැඩපිළිවෙළක් යොදා ඇත්තේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට මෙරට සුළු ජාතික පාර්ලිමේන්තු නියෝජනය මෙම රජයට විශාල බාධාවක් වී තිබෙනවා. ඒක නිසා මෙරට මුස්ලිම් ඡුන්දදායකයන් මෙවර මහ මැතිවරණයේදී සුළු ජාතික නියෝජනය වශයෙන් සිටින මුස්ලිම් අපේක්ෂකයන්ට සීසීකඩව ඡුන්දය ලබා දීමෙන් ඔවුන් සියලූ දෙනාම පරාජයට පත් වී මුස්ලිම් ජාතීන් අතර

ගොඩනැඟී ඇති එකමුතුකම විනාශ වෙනවා. එහිදී වඩාත් සුදුසු අපේක්ෂකයා තෝරා ඔහුට පමණක් ඡන්දය ලබාදී ජයග‍්‍රහණය කරවීමට වගබලා ගන්නා ලෙස ඉල්ලනවා.

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ති‍්‍රක් අපේක්ෂක හා හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා මහනුවර මාවිල්මඩ පැවැති එහි ප‍්‍රචාරක රැස්වීමකදී එසේ පැවසීය.

(Lanka LEads)