Monday, August 04, 2025
Follow Us
පොහොට්ටුව ගෙදර යවන වැඩේ මහලොකු දෙයක් නොවේ

‘‘කබීර් හෂීම් කියන කෙනා අභියෝගවලට බය නැහැ. මහින්දත් එක්ක හැප්පිලා අවුරුදු විස්සකින්වත් ගෙදර යවන්න බැහැ කියපු අයට අපි හොඳ පාඩමක් උගන්වලා 2015 ජනවාරි මාසයේ අපි පක්ෂය දිනවලා දුන්නා.’’ යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් නායක කබීර් හෂීම් පසුගිය දා මාවනැල්ලේ දී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම,

‘‘මේ ආණ්ඩුවේ අයට මම කියනවා පොහොට්ටුවේ අය ගෙදර යවන එක අපට මහ ලොකු දෙයක් නෙවෙයි කියලා. අපිට හොඳ නායකයෙක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා අපි අගමැති කරනවා කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඉස්සර ඒ ගොල්ලෝ කතා කළේ තුනෙන් දෙකේ බලයක් ගැන.

දැන් තුනෙන් දෙකක් නැහැ. දැන් ඒ කතා නැහැ. දැන් කතා කරන්නේ බහුතරය ගැන. දැන් බහුතරය දවසින් දවස ඒ අයට නැති වෙනවා.

මේ රටේ ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ඡන්දයක් පෙනි පෙනී පුංචි මිනිහගේ බඩට ගහලා නැහැ. ඒත් මේ ආණ්ඩුව පුංචි මිනිහගේ බඩට ගහලා තියෙනවා. මේක භයානක තත්ත්වයක්. කොරෝනා පෙන්න පෙන්න රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අනාගත්තා. එයාලගේ නොහැකියාව අසමත්භාවය පෙන්නුවා. වියත්මගේ ඔස්තාර්ලා දැන් කෝ?

මේ අය මිනිස්සුන්ගේ පඩි කපන්න පටන් ගත්තා. රාජ්‍ය සේවකයන්ගේ පඩි කපන්න පටන් ගත්තා. අතිකාල දීමනා කපන්න පටන් ගත්තා. පෝෂණ මල්ල නැති කළා. මේක කරන්න බැරුව දඟලනවා. එහෙම වුණේ කොරෝනා නිසාලු. අපේ කාලයේ කොරෝනාවලට වඩා දරුණු අර්බුද දෙකක් ආවා.

දවස් 52 ආණ්ඩුව කාලේ රටේ මාස තුනකට ආණ්ඩුවක් තිබුණේ නැහැ. මේ රටෙන් කෝටි ගණනක මුදල් එළියට ගියා. විදේශ ආයෝජන මේ රටෙන් බැහැරට ගියා. විදේශ මුදල් සංචිතයේ ඩොලර් මිලියනයක් නැති වුණා. හැබැයි අපි බඩු මිල වැඩි කළේ නැහැ. සේවකයන්ගේ පඩි කැපුවේ නැහැ. රස්සාවලින් අයින් කළේ නැහැ.’’ යැයි ද පැවසීය.

(Aruna)